අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොස්ගම සිට අවිස්සාවේල්ල දක්වා වූ කොටස වසා තැබීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව එළඹෙන 07 වනදා රාත්‍රී 8.30 සිට 10 වනදා පෙරවරු 06.00 දක්වා එම කොටස වසා තැබෙන බව නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම කාලය තුළදී කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය කෙරෙන්නේ කොස්ගම දක්වා පමණි.
කොස්ගම සහ අවිස්සාවේල්ල දුම්රිය මාර්ග කොටසේ ඇති පාලමක් අලුත්වැඩියා කිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය මාර්ගය වසා තැබෙන බවයි වාර්තා වන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




