ඉන්දියාවේ හිමාලය කන්ද තරණය කිරීමට ගිය පිරිසක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
35 දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායමේ සිටි පුද්ගලයින් 10 දෙනෙකු මෙලෙස මියගොස් ඇති අතර තවත් 14 දෙනෙකුට ආසන්න පිරිසක් තවමත් අතුරුදන් බව එරට බලධාරීන් උපුටා පවසයි.
හිම කුණාටුවකට මැදිවීමෙන් මෙම පිරිස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
අතුරුදන්ව ඇති පිරිස සොයා මේ වනවිට ඉන්දීය ගුවන් හමුදාවේ සහාය ඇතිව මෙහෙයුම් ආරම්භ කර ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




