බාධා එල්ල වී තිබූ උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
ඊයේ (04) රාත්‍රි වැල්ලව දුම්රිය ස්ථානයේ දී අනුරාධපුර සිට කොළඹ බලා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පීලිපැනීම හේතුවෙන් එම මාර්ගයේ ධාවන කටයුතුවලට බාධා එල්ල වී තිබුණා.
මේ හේතුවෙන් කොළඹ සිට ගමන් කළ දුම්රිය කුරුණෑගල දුම්රිය ස්ථානය දක්වාත්, යාපනය, මඩකලපුව සහ ත්‍රිකුණාමලය සිට කොළඹ බලා ධාවන වූ දුම්රියක් මහව හන්දිය දක්වාත් සීමා කර තිබෙනවා.
කෙසේවෙතත් මේ වන විට එම දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




