තමන් ජනමාධ්‍ය අමාත්‍යධූරයේ සිටින තුරු කිසිඳු මාධ්‍ය ආයතනයක බලපත්‍රයක් අහෝසි කිරීම සඳහා වන නීති සම්පාදනයට මැදිහත් නොවන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
දියුණු මාධ්‍ය සංස්කෘතියක් ඇතිකරගැනීම සඳහා සියලු මාධ්‍ය ආයතන සමඟ ඒකාබද්ධ වී අන්තර්ජාතික මට්ටමේ මාධ්‍ය සංස්කෘතියක් ඇතිකරගැනීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීමක් මිස මර්දනයට හෝ පවරා ගැනීමට අදාළව අණ පනත් සැකසීමක් කිසිසේත් සිදුනොකරන බව ද ඇමතිවරයා සඳහන් කළා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (4) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින්.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




