උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස සමනය කිරීම සඳහා වෛද්‍ය නිර්දේශ මත ලබා දුන්, ඉන්දීය ඖෂධ සමාගමක් නිපදවන සිරප් වර්ග පානය කළ ගැම්බියාවේ කුඩා දරුවන් 66 දෙනකු මියගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
ගැම්බියාවේ දරුවන් මියගොස් ඇත්තේ ඉන්දියාවේ, ඔෘෂධ නිෂ්පාදන සමාගමක් විසින් නිපදවන සිරප් වර්ග 4 ක් භාවිතයට ගැනීමෙන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර ඇත.
දිළිදු රාජ්‍යයක් වන ගැම්බියාවේ වැසියන්ට බහුලව ලැබෙන්නේ ඉන්දියාවේ නිපදවන ඖෂධ වර්ග බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් පැවැත්වීමට පියවර ගත් බවත් කුඩා දරුවන් මියගොස් ඇත්තේ වකුගඩු අකර්මණ්‍ය වීමෙන් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් පවසා ඇත.
කෙසේවෙතත් මෙම සිරප් හතර නිෂ්පාදනය කළ සමාගම මෙම නිෂ්පාදන අපනයනය කර ඇත්තේ ගැම්බියාවට පමණක් බවත් එම සමාගමට එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් සමාගම තවමත් ප්‍රතිචාර දක්වා නොමැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එමෙන්ම මෙම නිෂ්පාදනවල ආරක්ෂාව සහ ගුණාත්මකභාවය පිළිබඳව WHO වෙත සහතිකයක් ලබා දී නොමැති බවද වාර්තා වනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




