තායිලන්තයේ ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට හිටපු පොලිස් නිලධාරියෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
තුවාල ලැබූවන් අතර කුඩා දරුවන් සහ වැඩිහිටියන් සිටින අතර ප්‍රහාරයට හේතුව සම්බන්ධයෙන් අපහැදිලි බවයි සඳහන් වන්නේ.
ප්‍රහාරකයා ළමයින්ට සහ වැඩිහිටියන්ට වෙඩි තබා පිහියෙන් ඇන ඇති අතර මේ වන විට පලාගොස් සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




