ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටි සංවිධානාත්මක අපරාධකරුවකු වන නදුන් චින්නක හෙවත් හරක් කටාව ඩුබායි පොලීය විසින් මුදාහැර තිබෙනවා.
හරක් කටාට එරෙහිව ඇති අපරාධ ගොනුව ඩුබායි වෙත නියමිත කාලයට යොමු කිරීමට මෙරට බලධාරීන් අපොහොසත් වීම ඊට හේතු වී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම ගොනුව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත බාර දී තිබුණද එම අපරාධ ගොනුව තවමත් ආරක්ෂක අමාත්‍යාංශයේ මේසයක් මත තිබෙන බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.
ආරක්ෂක අමාත්‍යාංශය විසින් එය විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත කඩිනමින් යොමු කළ යුතුව තිබුණත් එය සිදුවී නැති බවයි වාර්තා වන්නේ.
මෙම ප්‍රමාදය හේතුකොටගෙන ඩුබායි බලධාරීන් විසින් පෙරේදා හරක් කටාව නිදහස් කර තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




