නෙදර්ලන්ත තානාපතිනි බොනී හෝබැක් මහත්මිය සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේ දී සිදු වී තිබෙනවා.
නෙදර්ලන්ත කෞතුකාගාරවල ප්‍රදර්ශනය සඳහා තබා ඇති මෙරට කෞතුක වස්තු යළි ශ්‍රී ලංකාවට ගෙන ඒමේ අපේක්ෂාවක් පවතින බව මෙහිදී තානාපතිනිය සදහන් කර ඇත.
තවද දෙරට අතර සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම පිළිබඳව ද ද්වීපාර්ශවීය සබදතා විවිධ අංශවලින් තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබදව ද සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




