විපක්ෂයේ වාඩිවී මාස හයක් ගතවුවත් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා තවමත් සිටින්නේ ආණ්ඩුවේ නිල නිවෙසක බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.
රාජ්‍ය මුදල් අවභාවිතා කරන බවට චෝදනා නගන ජයසේකර මුලින්ම කළ යුත්තේ ආණ්ඩුවේ නිල නිවෙසින් පිටව යෑම බවයි බලශක්ති අමාත්‍යවරයා සඳහන් කලේ.
ආණ්ඩුව රාජ්‍ය මුදල් අවභාවිතා කරන බවට දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළ අවස්ථාවේ දී පිළිතුරු ලබාදෙමින් බලශක්ති අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
මෙහිදී අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ ඉවත් වූ පසුත්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂත් තවමත් රැඳී සිටින්නේ අමාත්‍ය නිල නිවසක බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




