හිඟ විදුලි බිල්පත් ගෙවීමට ඇත්තේ තමා පමණයක් යැයි අමාත්‍ය කංචන විජේසේකර විසින් සිදුකර ඇති ප්‍රකාශය අසත්‍යක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.
හිඟ විදුලි බිල්පත් ගෙවීමට ඇති මැති ඇමතිවරුන්ගේ නම් කිහිපයක්ද ඔහු විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
ඒ අනුව හරීන් ප්‍රනාන්දු , ශෙහාන් සේමසිංහ , කෙහෙළිය රඹුක්වැල්ල සහ ඒ. එම් අතාවුල්ලා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් මෙලෙස හිඟ බිල්පත් ගෙවීමට ඇති බවයි දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




