හිටපු මුදල් අමාත්‍යවරුන් කිහිපදෙනෙක් හා මහ බැංකු අධිපතිවරුන් කිහිපදෙනෙක් ඇතුළු පුද්ගලයින් 39 දෙනෙකු වග උත්තරකරුවන් කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී ඇත.
ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, අලි සබ්රි සහ හිටපු මහ බැංකු අධිපතිවරුන් වන මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් සහ අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.
නිසි තක්සේරුවකින් තොරව අදූරදර්ශී ආර්ථික තීරණ ගෙන රටත් ජනතාවත් බංකොලොත් වීමට වගකිවයුත්තන් පිළිබඳව වහා පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර තිබුණා.
ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න, පිහිනුම් ශූරයෙකු වන ජූලියන් බෝලිං ඇතුළු පිරිසක් විසින් මෙම එක් පෙත්සමක් ඉදිරිපත්කර ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




