කැස්බෑව පොලිස් වසමේ සිද්ධමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී හෙරොයින් කිලෝ 6කට අධික ප්‍රමාණයක් සොයාගැනීමට පොලීසිය සමත්ව ඇත.
හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකුගෙන් සිදුකරගත් අනාවරණයකට අනුව අදාළ හෙරොයින් තොගය සොයාගෙන තිබෙනවා.
ඊයේ (06) රාත්‍රියේ අදාළ සැකකරු අත්අඩංගුවට අම්බලන්තොට පාලම අසලදී එහිදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 40ක් සොයාගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 19 හැවිරිදි වියේ පසුවන අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී කැස්බෑව සිද්ධමුල්ල ප්‍රදේශයේ පිහිටි මෙම නිවස ගැන තොරතුරු අනාවරණය වී තිබෙනවා.
වැටලීම සිදුකරන අවස්ථාවේ නිවසේ සිටි සැකකරුවන් පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් එහිදී නිවසේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 06යි ග්‍රෑම් 176ක් සහ මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල පතොරම් 19ක් සොයාගෙන ඇත.
මේ අතර එම ස්ථානයේ තිබී සීල් යන්ත්‍රයක්, හෙරොයින් පැකට් කිරීම සඳහා යොදාගනු ලබන උපකරණ හා ද්‍රව්‍ය, ව්‍යාජ වාහන අංක තහඩු දෙකක්, වෙනත් ලිපි ලේඛන සහ වාහනයක යතුරක් ද හමු වී ඇති බව පොලිසිය පවසයි.
සැකකරුවන් විසින් මෙම ජාවාරම සිද්ධමුල්ල ප්‍රදේශයේ පිහිටි මෙම නිවස කුලියට ගෙන පවත්වාගෙන ගොස් ඇති බව මූලික විමර්ශනවළදී අනාවරණය වී තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




