ලන්ඩන් හි ''Condé Nast ට්‍රැවලර්'' සඟරාව විසින් සිදුකළ ‘2022 රීඩර්ස් චොයිස්‘ පාඨක මත විමසුමට අනුව ශ්‍රී ලංකාව ලොව මිත්‍රශීලීම රටවල් අතර 9 වන ස්ථානයට පත්ව ඇත.
ශ්‍රී ලාංකික ළමුන්ගේ සිට වැඩිහිටියන් දක්වා සියලු පුද්ගලයින් අමුත්තන්ට ආදරය දක්වන සහ උපකාර කිරීමට අවංක ආශාවකින් යුක්ත පිරිසක් වශයෙන් ප්‍රකට බව අදාළ වාර්තාවෙන් පෙන්වා දී ඇත.
එමෙන්ම එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ශ්‍රී ලංකාව ගාල්ල කොටුව, මිරිස්ස, සීගිරිය වැනි ආකර්ශණීය ස්ථාන රැසකින් සමන්විත වන බවයි.
2022 වසරේ ලොව මිත්‍රශීලීම රටවල් 10,
1. ප්‍රංශ පොලිනීසියාව
2. කොලොම්බියාව
3. නවසීලන්තය
4. තායිලන්තය
5. කොස්ටාරිකාව
6. බොට්ස්වානා
7. පේරු
8. බෙලීස්
9. ශ්‍රී ලංකාව
10. පිලිපීනය
2. කොලොම්බියාව
3. නවසීලන්තය
4. තායිලන්තය
5. කොස්ටාරිකාව
6. බොට්ස්වානා
7. පේරු
8. බෙලීස්
9. ශ්‍රී ලංකාව
10. පිලිපීනය
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




