පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට පවුල් 4,271ක පුද්ගලයින් 18,219කට පීඩා එල්ලවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පවසනවා.
ඔහු වැඩිදුරටත් සදහන් කළේ අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගල මරණ 06ක්, දැඩි නිවාස හානි 09ක්, අර්ධ නිවාස හානි 442ක් සිදුව ඇති බවයි.
මේ අතර ශ්‍රී ලංකාව තුළ දැඩි වර්ෂා සහිත කාලගුණික තත්ත්වයක් නිර්මාණය වීමට හේතු වූ "සිට්‍රැන්ග්" චණ්ඩ කුණාටුව හෙට (25) වන විට බංග්ලාදේශ වෙරළ තීරය හරහා ගමන් කරනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




