පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අධිකරණ තීන්දුවක් මඟින් හැර වෙනත් ක්‍රමවේදයක් ඔස්සේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ඉදිරිපත් කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමත් සමග ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින්ට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය දැරීමේ හැකියාවක් නැහැ.
මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරකරන්නේ කිසියම් අයෙකු ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරයෙකු ද යන්න සම්බන්ධයෙන් එකවරම ප්‍රකාශයට පත්කිරීමේ හැකියාවක් නොමැති බවයි.
එම අවස්ථාවේ දී සිදුකළ යුත්තේ තමන් ද්විත්ව පුරවැසියෙකු නම් වහාම මන්ත්‍රීධුරයෙන් ඉවත් වීම බව ද එම කොමිසම පවසන්නේ.
මැතිවරණයක් අවස්ථාවේ නාම යෝජනා භාරගැනීමේ දී ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් සොයාබැලීමක් සිදුකරන අතර යම් පාර්ශවයක් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකළ හොත් පමණක් අවශ්‍ය ක්‍රියමාර්ග ගන්නා බවද මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




