20-20 ලෝක කුසලාන තරගයේ අවසන් දොළොස් දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.
තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 144 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී වනිඳු හසරංග කඩුලු 3 ක්, ළහිරු කුමාර කඩුලු 2 ක් හා කසුන් රාජිත හා ධනංජය ද සිල්වා එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 145 ක ඉලක්කයක් හිමිවී තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




