අම්බලන්ගොඩ කොබෙයිතුඩුව පදිංචි පුද්ගලයෙකු විසින් ඊයේ (31) පස්වරුවේ තම පුතාට එල්ල කරන ලද ඇසිඩ් ප්‍රහාරයක් මුණුපුරාට ද වැදීම නිසා එම පුද්ගලයින් දෙදෙනා බලපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පුතා සමග ඇති වූ මුදල් ආරවුලක් මත පියා විසින් පුතාට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් එය සිය මුණුපුරාට ද වැදී ඇති බවත් වාර්තා වනවා.
මෙලෙස රෝහල්ගත කර ඇත්තේ ආර්.ඩී. මලික් දිල්ෂාන් ද සිල්වා (34) හා වයස 13ක් වූ පාසල් සිසුවෙක්.
මේ වන විට සැකකරු අම්බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




