අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආහාර වර්ග 04ක මිල රුපියල් 10කින් පහළ දැමීමට තීරණය කර ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.
ඒ අනුව රෝල්ස්, පරාට, බිත්තර රොටී, එළවලු රොටී යන ආහාර වර්ගවල මිල රුපියල් 10කින් මිල අඩුකර ඇති බව එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ප්‍රකාශ කළා.
එසේම ප්ලේන් ටී එකක් රුපියල් 30කටත් කිරි තේ එකක් රුපියල් 100කටත් අලෙවි කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




