විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තානයට එරෙහි තරගය කඩුලු 6කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
ඒ අනුව ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ 3 වන ස්ථානය දක්වා ඉහලට පැමිණ තිබෙනවා.
තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 144 ක් ලබා ගත්තා.පන්දු යැවීමේදී වනිඳු හසරංග කඩුලු 3 ක්, ළහිරු කුමාර කඩුලු 2 ක් හා කසුන් රාජිත හා ධනංජය ද සිල්වා එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 66ක් ලබා ගත්තා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




