රජයේ නිලධාරීන්ගේ ඇඳුමට අදාළව නිකුත් කර තිබෙන චක්‍රලේඛය ගුරුවරියන්ටත් අදාළ කර ගැනීමට පියවර ගන්නා ලෙස ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නිහාල් රණසිංහගෙන් ඊයේ (31 වැනිදා) ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.
සාරිය හෝ ඔසරිය වෙනුවට වෙනත් පහසු ඇඳුමකින් සැරසීමෙන් ගුරුවරියන්ට කාර්යක්ෂම ලෙස කටයුතු කළ හැකි බව ලංකා ගුරු සංගමය පෙන්වාදෙනවා.
පින්ලන්තය වැනි දියුණු අධ්‍යාපනයක් සහිත රටවල ගුරුවරියන්ගේ ඇඳුම නිරීක්ෂණය කිරීමෙන් ඒ බව පැහැදිලි වන බවයි එම සංගමය වැඩිදුරටත් පවසන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




