පාර්ලිමේන්තුවේ රැස්වීම් පවත්වන දිනවලදී සහ අයවැය විවාදය පවත්වනු ලබන කාල සීමා තුළදී අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ රජයේ පාර්ශවයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විදේශගත වීම සීමා කිරීමට අදාළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.
හදිසි වෛද්‍යමය අවශ්‍යතාවක දී හෝ රජයේ හදිසි කාර්යයන් සම්බන්ධයෙන් වන අවස්ථාවක දී හැර ඔවුන් අනෙක් කාල සීමා තුළදී විදේශගත නොවිය යුතු බව එම යෝජනාවේ සඳහන් කර ඇත.
අදාළ යෝජනාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




