හෙට (02) පැවැත්වෙන විරෝධතාවයට තම පක්ෂය සහභාගී වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිල වශයෙන් ප්‍රකාශ කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ පොලීසිය හෝ ආරක්ෂක අංශ එය නැවැත්වීමට උත්සාහ කළ ද තම පක්ෂය ඊට එක්වන බවයි.
වෘත්තීය සමිති සහ සිවිල් ව්‍යාපාර කිහිපයක් සමඟ ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තැබීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළා.
වසන්ත මුදලිගේ, පූජ්‍ය සිරිධම්ම හිමියන් වැනි දින 90ක් තිස්සේ රඳවාගෙන සිටීම සහ ජනතාව මත අධික බදු බර පැටවීමට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගය මෙම විරෝධතාවට එක් වන අතර පා ගමනට බාධා නොකරන ලෙස විපක්ෂනායකවරයා හමුදාවෙන් සහ පොලිසියෙන් ඉල්ලා සිටියා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




