තිළිණි ප්‍රියමාලි විසින් සිදුකළ මූල්‍ය වංචාවලට අනුබල දුන් බවට පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නීතිපතිවරයාගේ උපදෙස් මත මෙම හිමිනම අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ තිළිණි ප්‍රියමාලි සිදුකළේ යැයි පැවසෙන මූල්‍ය වංචා සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලදී හෙළිවූ කරුණුවලට අනුව බොරැල්ලේ සිරිසුමන හිමියන් අත්අඩංගුවට ගත් බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




