හෙට උද්ඝෝෂණයට එන අය ගැන ඇමති මනුෂගෙන් සැර කතාවක්

 

හෙට දිනයේ  උද්ඝෝෂණ සදහා පාරට බහින්නේ ගෑස් පෙට්‍රල් පෝලිම් දරා ගත නොහැකි පිරිස් ද, නොඑසේ නම් ඉල්ලූ වෙනසට අනුව රට ක්‍රමයෙන් ස්ථාවර වෙනවාට, ජාතිවාදී ආගම්වාදී දේශපාලය වෙනුවට රට ගොඩනගන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවාට අකැමැති පිරිස දැයි අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා දැඩි ලෙස ප්‍රශ්න කර සිටියා.


කැබිනට් තීරණ දැනුම් දැනුම්දීමේ මාධ්‍ය හමුව අතරතුර මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමින් ඔවුහු ඔහු මෙම අදහස් පළ කළා.

“දෙවැනිදා උද්ඝෝෂණයට එන්නේ පෙට්‍රල්, ගෑස් පෝලිම් දරා ගන්න බැරි, පැය දහයක් දොළහක් කරන්ට් කපන නිසා, දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වුණු, කර්මාන්ත ශාලා කරගන්න බැරි අය ද?

ඉතා ඉහළ තිබුණු බඩු මිල ටික ටික අඩු වෙන එක දරා ගන්න බැරි, අඩු වෙන තෙල් මිල ඉවසාගන්න බැරි අය ද? වසා තිබුණු පාසල්, සරසවි විවෘත වෙලා අධ්‍යයන කටයුතු අරම්භ වෙලා තියෙන නිසා ද? කර්මාන්ත ශාලා ටිකේ නිෂ්පාදන එළියට ගිහින් වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් ලැබෙන්න පටන් අරන් තියෙන නිසා ද?

පොහොර සුලභ වෙලා, පනස් දහසේ පොහොර මිටිය දසදහසට තියෙන නිසා ද? වගා කරගන්න පුළුවන් නිසා ද? ඔක්තෝබර් වල එනවා කියූ සාගතයට ආහාර සුරක්ෂිතතා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නිසා ද? ඔක්තෝබර් වෙද්දී කඩාගෙන වැටෙයි කියපු රට ස්ථාවර වෙමින් පවතින නිසා ද?

දෙසැම්බර් මුල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ එකගතාව ලැබෙන නිසා ද? ණය සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා ක්‍රියාත්මක වෙමින් තියෙන නිසා ද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහනයක් ලැබිලා රට ස්ථාවර ව ඉදිරියට ගියොත් ප්‍රශ්නයක් වෙන නිසා ද?

 මේ කරන්නේ මෙතෙක් රටේ පැවති සිස්ටම් එක වෙනස් කිරීම මිස දේශපාලනය නෙමෙයි.මේ සිස්ටම් එක වෙනස් කරනවට අකමැති අය නම් පාරට බහින්නේ ඒක සාධාරණයි. මොකද එයාලා සිස්ටම් එක වෙනස් කරනවට කැමති නැති නිසා.අපි මේ කරන්නේ දේශපාලන කැමැත්තට රාජ්‍ය සේවයේ පත්වීම් දීපු සිස්ටම් එක වෙනස් කරන එක. දුප්පතා තවත් දුප්පත් කරන පෝසතා තවත් පෝසත් කරන බදු ප්‍රතිපත්තිය වෙනස් කරන එක.සෘජු බදු වැඩි කරලා වක්‍ර බදු අඩු කරන ඇතිනැති සියලු දෙනා සහනාධාර ගන්න ක්‍රමය නැති කරන සිස්ටම් එක වෙනස් කරන්නයි මේ කටයුතු කරන්නේ.

තාවකාලිකව කඩාගෙන වැටුණු රට දැන් යම් තැනකට ගොඩනගලා තියෙනවා. එය ස්ථිරව ගොඩනගන්නයි මේ වෙනස කරන්නේ. 2023 මැද වෙද්දි වෙද්දි යම් ස්ථාවරත්වයක්, 2025 වෙද්දි ශක්තිමත් සහ 2048 වෙද්දි සංවර්ධිත රටක් දක්වා යන ගමනේ මූලික පියවරයන් තමයි මේ. මේක අමාරුයි. මේ ගන්න තීන්දු තියෙන සියල්ලටම දේශපාලන විවේචකයන්ට ඕනෑ ඕනෑතරම් විවේචනය කරන්න පාරට බහින්න පුළුවන්.56 සිංහල රාජ්‍ය භාෂාව කලා වගේ හාල් සේරුවට දෙකට ඡන්දෙ වෙනස් කළා වගේ මේ අවස්ථාවේදීත් ආගමික, ජාතිවාදී මතවාද ඉස්සරහට දාලා  දේශපාලනය කළ හැකි. ඒත් මේ ඒ දේශපාලනය නෙවෙයි.රටේ නිශ්චිත වශයෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමයි වෙන්නේ ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් තමයි මේ රජය වෙහෙසෙන්නේ මේ සිස්ටම් එක වෙනස් කරන්න ඒ වගකීම අපි රජය විදිහට බාර අරගෙන තියෙනවා."

 ආර්ථික වශයෙන් ස්ථාවර වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකගතාව අවශ්‍ය බවත්, එය දෙසැම්බර් මුල දී ලැබීමට නියමිත බවත්, අනෙකුත් රාජ්‍යයන් අතරින් ජපානය සුබවාදී ප්‍රතිචාර දක්වා ඇති බවත්, චීනය හා ඉන්දියාව සමග නැවත කෙරෙන සාකච්ඡාවන්ට සාධනීය ප්‍රතිචාර ලැබී ඇති බවත්, මේ ආකාරයට රටේ තත්ත්වයන් ඇති වෙන නිසා නැවත වරක් උද්ඝෝෂණ ආරම්භ කරන්නේ ද යන්න ගැටලු සහගත බවත් අමාත්‍යවරයා එහි දී වැඩිදුරටත් කියා සිටියා. 

අපගේ WhatsApp  පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.

අපගේ පහත සඳහන් පුවත් සේවාවන්ට ද එක්වන්න.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: හෙට උද්ඝෝෂණයට එන අය ගැන ඇමති මනුෂගෙන් සැර කතාවක්
හෙට උද්ඝෝෂණයට එන අය ගැන ඇමති මනුෂගෙන් සැර කතාවක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhb_cE8fAkP1WWMe-p85o2otsd-TsjT7EU4o0TSvtwNMtm7TU36nuu-SKLDyvjJMP7bUBNydZgkK9nmCZG0_QxCLf6FvAieBH53gLhKtSQqWPFPAZ-9vuuHNJXotOEICMES_nVURISAmafIyB6AKT9Xekg6AFF7TWquoXkd7XZvXccp6WdoPQ4g-o12/s16000/pg01-manusha_copy_1280x737.gif
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhb_cE8fAkP1WWMe-p85o2otsd-TsjT7EU4o0TSvtwNMtm7TU36nuu-SKLDyvjJMP7bUBNydZgkK9nmCZG0_QxCLf6FvAieBH53gLhKtSQqWPFPAZ-9vuuHNJXotOEICMES_nVURISAmafIyB6AKT9Xekg6AFF7TWquoXkd7XZvXccp6WdoPQ4g-o12/s72-c/pg01-manusha_copy_1280x737.gif
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2022/11/01-a-harsh-speech-from-minister-manusha-about-those-who-will-come-to-protest-tomorrow.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2022/11/01-a-harsh-speech-from-minister-manusha-about-those-who-will-come-to-protest-tomorrow.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content