රජය ගෙන යන මර්දනකාරී වැඩපිළිවෙලට විරෝධය පළ කරමින් අද (02) කොළඹ දී විරෝධතා රැලියක් සහ පෙළපාලියක් සංවිධානය කර තිබෙනවා.
දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති, සිවිල් සංවිධාන ඇතුළු ගාලු මුවදොර අරගලකරුවන් පිරිසක් මෙය සංවිධානය කර ඇති බව සඳහන්.
පෙළපාලිය අද පස්වරු 03.00ට මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසලින් ආරම්භ කර කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත පැමිණීමට සැලසුම් කර ඇත.
කෙසේවෙතත් අද පැවැත්වෙන විරෝධතාව සඳහා සිය පක්ෂය එක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවා..
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




