කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 50කට ආසන්න සංඛ්‍යාවක් පළාගොස් තිබෙනවා.
පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටින රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් අතරතුර මෙලෙස රැඳවියන් පිරිසක් පළාගොස් ඇත.
පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ එම රැඳවියන් සොයා මේ වනවිට විශේෂ මෙහෙයුමක් ආරම්භකර ඇති බවයි.
මෙම ගැටුමෙන් රැඳවියන් 5 දෙනෙකු තුවාල ලබා ඇති අතර නොසන්සුන්කාරී තත්ත්වය තවදුරටත් පවතින අතර පොලීසියේ සහ හමුදාවේ සහාය ඉල්ලා ඇති බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා පැවසුවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




