බස්නාහිර පළාතේ වෘත්තීය ත්‍රිරෝද රථ සඳහා ලබාදෙන සතිපතා ඉන්ධන කෝටාව ලීටර 10 දක්වා ඉහළ නැංවීමට අදාළව QR දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම ඊයේ (06) රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි.
ඒ අනුව බස්නාහිර පළාතේ, පළාත් ප්‍රවාහන අධිකාරියේ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ මාර්ගගතව ලියාපදිංචි කර ඇති, පූර්ණ කාලීන ත්‍රිරෝද රථ කුලී රථ සඳහා අද (07) සිට නව ඉන්ධන කෝටාව ලබාගැනීමේ අවස්ථාව හිමිවනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.





