මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ලබාදීමේ පිළිවෙලෙහි වෙනසක් සිදුකර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන පවසයි.
අද (14) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් පවත්වමින් විභාග කොමසාරිස්වරයා සඳහන් කළේ, ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් 18 වන දින පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බවයි.
මේ අතර, අපොස උසස් පෙළ විභාගය 2023 ජනවාරි මස 23 වනදා ආරම්භ වී පෙබරවාරි මස 17 වනදා අවසන් වීමට නියමිත බව ද විභාග කොමසාරිස්වරයා පැවසුවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




