හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ප්‍රධානත්වයෙන් සමගි ජනබලවේගයේ ක‍්‍රියාකාරීන් පිරිසක් සංවිධානය කර තිබු විරෝධතාවක් අතරතුර නොසන්සුන් තාවයක් ඇතිවීමෙන් අනතුරුව ඇයව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
මෙම විරෝධතාවය කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය දක්වා පැවැත්වීමට නියමිතව තිබුණේ කාන්තා හිංසනය පිටුදැකීම සඳහායි.
විරෝධතාකරුවන් කිහිප දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමත් සමග නොසන්සුන්තාවයක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පසුව කුරුදුවත්ත පොලිසිය ඉදිරිපිට මෙම පිරිස විරෝධතාවයේ යෙදෙද්දී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගෙන ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




