ඝාතනයට ලක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ මහතා වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් කළ පරිත්‍යාගයක් ඔහුගේ බිරිඳ වෙත ප්‍රදානය කිරීම ඊයේ (14) සිදුකර තිබෙනවා.
එම අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් එක්ව ඇත.
මේ සඳහා පක්ෂය සහ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 183දෙනෙකු මුදල් පරිත්‍යාග කර තිබීම විශේෂත්වයක්.
මේ අතර ඝාතනයට ලක්වූ අමරකීර්ති අතුකෝරළ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ලබාදෙන විශ්‍රාම වැටුප ලබාදීමට කටයුතු කරන ලෙස ද නියෝජ්‍ය කතානායක කතානායකවරයා ජනාධිපතිවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.