ව්‍යාපාර කඩා වැටී ඇති මොහොතක තවත් බදු ගහනවා යනු ගහෙන් වැටුණු මිනිහට ගොනා අනිනවා වගේ වැඩක් යැයි ජාතික ජන ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා.
ගිය වසරේ මිලියන 11,000ක් ලාභ ලබා තිබෙන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විකුණන්නට ආණ්ඩුව පාවිච්චි කරන තර්කය කුමක්දැයි අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් ප්‍රශ්න කර සිටියා.
මෙලෙස අසීමිත ලෙස ලාභ ලබන රාජ්‍ය ආයතන විකුනන්නේ කුමටදැයි ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා ලාභ ලබන ආයතන එක සැරේ විකුණා එයින් ලැබෙන කුට්ටිය අර්බුදය විසඳන්න පාවිච්චි කිරීම ආණ්ඩුවේ අරමුණ බවත් එයින් වන දිගුකාලීන හානිය ගැන සිතන්නේ නැති බවත් සඳහන් කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.