ගම්පොළ නගරයේ හෝටලයක් පවත්වාගෙන යන මුවාවෙන් මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ ස්ථානයක් වැටලීමට පොලීසිය සමත් වී තිබෙනවා.
පොලීසිය පැවසුවේ මත්කුඩු පානය කරන්නන්ට පහසුකම් සපයමින් සියලුම වර්ගයේ මත්දුව්‍ය අලෙවිය, ප්‍රවාහනය සහ ජාවාරම එම ස්ථානයේ සිදුකර ඇති බවයි.
එහි සිටි තරුණයන් 08 දෙනකු සමග විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.
සැක නොසිතන ආකාරයට හෝටලයක් ලෙස පවත්වාගෙන ගිය මෙම ස්ථානයට පාසල් ළමුන් ඇතුළු පිරිස් පැමිණීම පිළිබඳව දීර්ඝ කාලයක් නිරීක්ෂණය කිරීමෙන් පසු ගම්පොල කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් මෙම වැටලීම සිදුකර තිබෙනවා.
මෙම හෝටලයේ උඩුමහලේ කාමර තුනක මෙම ජාවාරම සිදුකර ඇති අතර නගරයේ අවට නිරීක්ෂණය කිරීම සඳහා රහසිගත කවුළු කීපයක් ද සකසා තිබු බවයි පොලීසිය සඳහන් කළේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.