මාතලේ, රබිමගම නිවසක පදිංචිව සිටි එකම පවුලේ සිව් දෙනෙකුට අසල්වැසියෙකු කඩුවකින් කළ පහරදීමකින් අවුරුදු තුනහමාරක දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය පැවසුවේ, මෙම පහරදීමෙන් තුවාල ලැබූ මව, දියණිය සහ පුතුන් දෙදෙනා මාතලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් පිරිමි දරුවෙකු එලෙස මිය ගොස් ඇති බවයි.
ඒ අනුව මව (38), දියණිය (19) සහ අනෙක් පිරිමි දරුවා(15) මේ වන විට මාතලේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.
මෙම පවුල සහ යාබද නිවසක පවුලක් අතර කලක් තිස්සේ පැවති පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අපරාධය සඳහා යොදා ගත් කඩුව ද සමගින් ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.