මීරිගම, පස්යාල මාර්ගයේ කොටකන්ද ආසන්නයේදී සිදු වූ රිය අනතුරකින් පියෙකු (54) සහ දියණියක (14) මියගොස් තිබෙනවා.
පොලීසිය පැවසුවේ, ඊයේ (14) සවස මීරිගම සිට පස්යාල දෙසට ධාවනය වූ මෝටර් රථයක ගැටීමෙන් ඔවුන් දෙදෙනා මියගොස් ඇති බවයි.
උපකාරක පන්ති අවසන්වීමෙන් පසු පියා දියණිය නිවසට කැඳවාගෙන එමින් සිටිය දී මෙමෙලෙස අනතුරට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
පොලීසිය පැවසුවේ, අනතුරින් පසු පළා ගිය මොටර් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.