ඊයේ (14) දිනයේ සිට ඇද හැළෙන වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 7 කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
ඒ අනුව බදුල්ල, කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල, මාතර හා රත්නපුර දිස්ත්‍රික්කවලට මෙලෙස නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, අද දිනයේත් දකුණ, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි අපේක්ෂා කරන බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.