ලෝක ජනගහනය බිලියන 08 ඉක්මවූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.
ඒ පිලිපීනයේ මැනිලා නුවර බිළිඳියක් බිලියන අටවැන්නා ලෙස උපත ලැබීමත් සමඟයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේ, ලෝක ජනගහනය බිලියන 08 සීමාවට පැමිණීමට වසර 11 ක පමණ කාලයක් ගත වූ බවයි.
20 වන ශතවර්ෂයේ දෙවන භාගයේ විශාල ජනගහන වර්ධනයක් පෙන්නුම් කළත්, මේ වනවිට එය මන්දගාමී වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙනවා.
එමෙන්ම ලෝක ජනගහනය බිලියන 9 ට ආසන්න වීමට තවත් වසර 15 ක් පමණ ගතවනු ඇතැයි පුරෝකථනය කරන එම සංවිධානය පවසන්නේ, 2080 වන විට ලෝක ජනගහනය බිලියන 10 ඉක්මවනු ඇති බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.