ඕමානයේ සිදුවන ශ්‍රී ලංකා මිනිස් ජාවාරමට එරෙහිව පියවර

ඕමානය සඳහා ශ්‍රී ලංකා කාන්තා ගෘහ සේවිකාවන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම මෙන්ම, මිනිස් ජාවාරම වැළැක්වීම ඇතුළුව කරුණු කිහිපයක සම්බන්ධයෙන් කම්කරු සබඳතා හා පුහුණු පිළිබඳව ඕමානය හා ශ්‍රී ලංකාව අතර එළඹ ඇති ගිවිසුම අනුව සාකචිඡා කිරිමේ 04 වැනි ඒකාබද්ධ තාක්ෂණික කමිටු රැස්වීම අන්තර්ජාලය ඔස්සේ ඉකුත් දා පැවැත්විණ.

ඕමාන් සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතාගේ මෙහෙයවීමෙන් පැවැති මෙම රැස්වීමට තානාපති කාර්යාලයේ උපදේශක (රැකියා හා සුභසාධන) රේණුකා සේනාරත්න මහත්මිය සහ පළමු ලේකම් ඩබ්.ඩී.එන්.එම්. අබේසේකර මහත්මිය ද සහභාගී වූහ.

එසේම, කම්කරු අධ්‍යක්ෂ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සලෙම් සායීඩ් අල් බාඩි මැතිතුමා, ඒකාබද්ධ පරීක්ෂණ කණ්ඩායම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඔබායිඩ් බින් මුහම්මද් අල් බලූෂි
මහතා, ඕමාන් සුල්තාන් රාජ්‍යයේ කම්කරු අමාත්‍යාංශයේ ජාත්‍යන්තර සංවිධාන හා විදේශ සබඳතා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නසෙර් සලීම් අල් හද්රාමි මහතා සහ එහි විදේශ
සබඳතා අංශයේ ප්‍රධානී සයිෆ් හමූඩ් අල් රකාඩි මහතා සහ ජාත්‍යන්තර සංවිධාන හා විදේශ සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ ඔම්රාන් සයිඩ් අල් බක්ලානි මහතා ඕමාන් පාර්ශ්වය නියෝජන
කරමින් මෙම සාකච්ඡාවට එක් වූහ.


ශ්‍රී ලංකාවේ විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගීකරණය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් යමුනා පෙරේරා මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් කේ.
නිකෙරිල්කාන්ත් මහතා මෙන්ම, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අතිරේක සාමාන්‍යාධිකාරී ඩබ්.එම්.වී. වන්සේකර මහතා සහ නියෝජ්‍ය
සාමාන්‍යාධිකාරී (විදේශ සබඳතා) කේ.එල්.එච්.කේ. විජේරත්න මහතා කොළඹ සිට ශ්‍රී ලංකා පාර්ශ්වය නියෝජනය කරමින් සම්බන්ධ වූහ.

ඉකුත් 23දා පැවැති මෙම අන්තර්ජාල රැස්වීම අතරතුරදී, පෙර 2018 ජුලි 03 දින කොළඹ පැවැති 03 වැනි ඒකාබද්ධ තාක්ෂණික කමිටු රැස්වීමේ දී එළැඹුණු තීරණ සමාලෝචනය කරන ලදී.

රැස්වීමෙන් පසු ලබා ඇති ප්‍රගතිය පිළිබඳ තොරතුරු සාකච්ඡා කරන අතරම, කම්කරු ක්‍ෂේත්‍රයේ සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීම සහ විශේෂයෙන් කොවිඩ්-19 වසංගතය හමුවේ
අන්‍යෝන්‍ය අවශ්‍යතා වෙනුවෙන් රැකියා ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රම සහ විධි දෙපාර්ශ්වයම ගවේෂණය කළහ.

අක්‍රමවත් හා ලේඛනගත නොවන සංක්‍රමණ මැඩපැවැත්වීම පිණිස, ඕමානයේ මස්කට් නගරයෙහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලාංකික කාන්තා ගෘහ සේවිකාවන් සඳහා රැකියා වීසා
බලපත්‍රයක් ලබා ගැනීම සඳහා පූර්ව අවශ්‍යතාවක් ලෙස හඳුන්වා දුන් විරෝධතාවක් නොමැති බවට සහතිකය (NOC) ක්‍රියාත්මක කිරීම දෙපාර්ශ්වයේම පැසසුමට ලක් විය.

වැඩිපුර රැඳී සිටි හා කල් ඉකුත් වූ රැකියා බලපත්‍ර සහිත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට කිසිදු දඩයක් ගෙවීමකින් තොරව ආපසු සිය රටට යාමට හැකි බව දන්වා සිටීම වෙනුවෙන්, ශ්‍රී ලංකා පාර්ශ්වය
හයිතම් බින් තාරික් සුල්තාන් රජතුමාට සහ ඕමාන් සුල්තාන් රජයට සිය අවංක ප්‍රශංසාව පළ කළේය.

ශ්‍රම හා පුහුණු ක්ෂේත්‍රයන්හි අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුතුව, ශ්‍රී ලංකාව සහ ඕමාන් සුල්තාන් රාජ්‍යය අතර කම්කරු හා පුහුණු ක්ෂේත්‍රයේ
අවබෝධතා ගිවිසුමක් 2014 දී අත්සන් තබන ලදී.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ඕමානයේ සිදුවන ශ්‍රී ලංකා මිනිස් ජාවාරමට එරෙහිව පියවර
ඕමානයේ සිදුවන ශ්‍රී ලංකා මිනිස් ජාවාරමට එරෙහිව පියවර
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiezU2o3yMN5APU_Uqo6o3okpjp2-BlVlu6ay3BnUv-L9PymkuxsyWvkWKlvaJp0YQxZw2MHh3zetxaxUuIaAOjfT4m-i6k9b_eNxq5MsR47GttCtMug6tlDtUSUHClfoU6IuA-CjAaCyY/s16000/unnamed+%25281%2529.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiezU2o3yMN5APU_Uqo6o3okpjp2-BlVlu6ay3BnUv-L9PymkuxsyWvkWKlvaJp0YQxZw2MHh3zetxaxUuIaAOjfT4m-i6k9b_eNxq5MsR47GttCtMug6tlDtUSUHClfoU6IuA-CjAaCyY/s72-c/unnamed+%25281%2529.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2020/12/oman%20and%20sri%20lanka.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2020/12/oman%20and%20sri%20lanka.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content