Header Ads

උණුසුම් පුවත්

මේ දක්වා බස්නාහිරින් පිටවීමට ගිය 103 කට කොවිඩ්

දෙසැම්බර් 21 වනදා සිට මේ දක්වා බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින් සඳහා කළ අහඹු ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණවලින් 103 දෙනෙකු කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.

බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11ක දී එම පරීක්ෂණ සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ.

ඒ අනුව පුද්ගලයින් 10,926 දෙනෙකුගේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හෝ PCR පරීක්ෂණ සිදුකර ඉහළ ආසාදිතයින් පිරිස හඳුනාගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.