Header Ads

උණුසුම් පුවත්

යුද්ධ හමුදා මූලස්ථානයේ නව අධ්‍යක්‍ෂ ජෙනරල් ලෙස මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු පත්කෙරේ


යුද්ධ හමුදා මූලස්ථානයේ නව අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික ලෙස ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු මහතා පත් කර තිබෙනවා.

ඒ මහතා ඊයේ (18) පෙරවරුවේ යුද්ධ හමුදා මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කළේය.

මීට ප්‍රථම යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික ධූරය හෙබවූ මේජර් ජෙනරල් ප්‍රදීප් ද සිල්වා යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු එම ධූරයට පත්විය.