කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇත.
ඒ මහතාට සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක (ඇන්ටිජන්) පරීක්ෂණයකින් ඒ බව තහවුරු වී ඇති අතර ඔහුගේ පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද තහවුරු වී තිබෙනවා
ඒ මහතාට සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක (ඇන්ටිජන්) පරීක්ෂණයකින් ඒ බව තහවුරු වී ඇති අතර ඔහුගේ පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද තහවුරු වී තිබෙනවා
පසුගිය දා ඔහු හොරණ ටයර් කම්හලේ සමාරම්භක උත්සවයටද සහභාගී වී සිටියා.
මීට පෙර මන්ත්‍රීවරුන් තිදෙනෙක් ඇතුලු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ පුද්ගලයින් කිපදෙනෙකුට කෝවිඩ් 19 වෛරසය අසාදනය වීමත් සමග පාර්ලිමේන්තුවේ සභාවාර අඩකට සීමා කිරීමට සෞඛ්‍ය අංශ උපදෙස් ලබාදී තිබේ.