Header Ads

උණුසුම් පුවත්

නාවලපිටිය දින 3ක් තාවකාලිකව වැසේ

කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ 16 දෙනෙකු හමුවීමත් සමග නාවලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන්  නිසා නාවලපිටිය නගරය විෂබීජහරණය සඳහා අද(15)  සිට (18) දින දක්වා තාවකාලිකව වසා දමන බව එම වෙළඳ සංගමයේ සභාපති කිත්සිරි කරුණාදාස මහතා පැවසීය.
 
මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් කිත්සිරි කරුණාදාස මහතා කියා සිටියේ එම ආශ්‍රිතයන් 16 දෙනෙකුගෙන් කිහිප දෙනෙකු නාවලපිටිය නගරයේ වෙළදසැල්වලට පිවිස ඇති නිසා සෞඛ්‍ය අංශ උපදෙස් ලබා ගනිමින් වෙළදසැල් වසා දැමීමට තිරණය කළ බවයි.
 
වසා දැමු නාවලපිටිය නගරයේ සියලු වෙළදසැල් සහ නගරය 18 දින විෂබිජහරණය කරන බවද කිත්සිරි කරුණාදාස මහතා පැවසීය.