Header Ads

උණුසුම් පුවත්

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

 

2021 ජනවාරි මස16 දින සඳහා කාලගුණ අනාවැකිය

(2021 ජනවාරි මස 16 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.)

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවේ.

සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තදවැසිද ඇතිවියහැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇති වියහැකි තාවකාලික තදසුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.