Header Ads

උණුසුම් පුවත්

ඌව කුඩාඔය, සූරියආර ප්‍රදේශයේ දී ගංජා කිලෝ 10 අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට


ඊයේ රාත්‍රියේ ඌව කුඩාඔය පොලිස් වසමේ සූරියආර ප්‍රදේශයේ දී ඌව කුඩාඔය පොලීසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ගංජා කිලෝ 5 ග්‍රෑම් 660 හා ගංජා කිලෝ 5 ග්‍රෑම් 930 සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 30 හා  36 වූ සූර්යආර ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. සැකකරුවන් අද දින වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර ඌව කුඩාඔය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.