Header Ads

උණුසුම් පුවත්

බස්නාහිර කොවිඩ් අවදානම ඉහළට

කොවිඩ් වෛරසයට එරෙහිව දියත් කරන ක්‍රියාමාර්ග සඳහා, PCR පරීක්ෂණවල ප්‍රතිඵල ප්‍රමාදය හේතු වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.

ඒ අනුව ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වන කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල කොවිඩ් රාජකාරී කිරීමේදී මේ වනවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ගැටළු රැසකට මුහුණ පා තිබෙනවා.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සමඟ ඊයේ පැවැත් වූ සාකච්ඡාවකදී මේ බව අනාවරණ වූ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේ.