Header Ads

උණුසුම් පුවත්

සිලෝන් කැච් (පුද්) සමාගමේ නව මත්ස්‍ය නිෂ්පාදනාගාරය අගමැති අතින් විවෘත වේ


සිලෝන් කැච් (පුද්) සමාගමේ නව මත්ස්‍ය නිෂ්පාදනාගාරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරුණා.

මෙම සමාගම ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය, කැනඩාව, චීනය, තායිලන්තය සහ තායිවානය යන රටවලට සකස් කළ මුහුදු ආහාර අපනයනය කරන මෙරට ප්‍රමුඛ අපනයන ආයතනයකි.

සිලෝන් කැච් (පුද්) සමාගමේ වාර්ෂික අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 12 ක් වනවා.

නව නිෂ්පාදනාගාරය විවෘත කිරීමත් සමඟ වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක අදායමක් අපේක්ෂිත ය.

මෙම ආයතනයේ 150කට පමණ නව රැකියා අවස්ථා ලැබෙන අතර 1500 කට වැඩි ධීවර ප්‍රජාවක් සඳහා මෙමඟින් සෙත සැලසෙයි.

කළමනාකාර අධ්‍යක්ෂ ඉන්දික එල්ලාවල සහ ශ්‍රීජිත් ජයතුංග මහත්වරුන්ගේ කළමනාකාරීත්වය යටතේ 2016 ජුනි 15 දා මෙම සමාගමේ කටයුතු ආරම්භ කර ඇත.

දැනට සිදුකරන නිෂ්පාදනය නව නිෂ්පාදනාගාරය ආරම්භ කිරීමෙන් පසු තුන් ගුණයකින් ඉහළ නැංවීම අරමුණ ය.