Header Ads

උණුසුම් පුවත්

පදනම් විරහිත චෝදනා සහ අපහාස වලින් කිසිවිටෙකත් අධෛර්යමත් නොවන්න

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  පාලනය පිළිබඳව නොයෙකුත් පාර්ශවයන් විසින් එල්ල කර සිටින පදනම් විරහිත චෝදනා සහ අපහාස වලින් කිසිවිටෙකත් අධෛර්යමත් නොවන ලෙස මහා සංඝරත්නය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

ජනාධිපති කාර්යාලයේදී පැවති බෞද්ධ උපදේශක සභාවේදී අස්ගිරි අනුනායක වෙඬරුවේ උපාලි අනුනායක ස්වාමීන් වහන්සේ සහ කෝට්ටේ කළ්‍යාණී සාමාග්‍රී සංඝ සභාවේ අනුනායක අතිපූජ්‍ය  කොටපිටියේ රාහුල ස්වාමීන් වහන්සේ ඇතුළු ජ්‍යෙෂ්ඨ  ස්වාමීන් වහන්සේලා රැසක් රටේ වත්මන් තත්වය පිළිබඳව සිය අදහස් පලකර සිටියා

උන්වහන්සේලා පැවසුවේ ජනාධිපතිතුමාගේ ධූරයේ ඉතිරිව ඇති වසර තුන හමාරකට අධික කාලය තුල ද දැනට රාජ්‍ය පාලනය කරන ආකාරයෙන්ම තම බුද්ධිය සහ දැනුම මේ රට වෙනුවෙන් කැප කොට ක්‍රියාකරන ආකාරයටම ඉදිරියට පාලනය කරන ලෙසයි.

ශ්‍රී ලංකාව  සෞභාග්‍යමත්  දේශයක් කරා ගෙන යන මේ ගමනේදී තවදුරටත් සියළුම භික්ෂූන් වහන්සේලාගේ නොමඳ සහය ජනාධිපතිතුවරයාට  හිමිවන බවද  උන්වහන්සේලා වැඩිදුරටත් සඳහන් කළා