මද්දුමගේ ලසන්න චන්දන පෙරේරා හෙවත් අංගොඩ ලොක්කාගේ මව සහ සහෝදරිය රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකිරීමට කටයුතු යොදා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
ඒ් DNA සඳහා අවශ්‍ය අදාළ රුධිර සාම්පල ලබාගැනීම සඳහායි.
ඒ අනුව එම රුධිර සාම්පලවලින් ලබා ගන්නා DNA රටා ඉදිරියේදී ඉන්දියානු බලධාරීන් වෙත යැවීමට නියමිතවනවා.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ අදාළ මරණය සනාථ කරගැනීමට මේ ඔස්සේ හැකියාව ලැබෙන බවයි.
ඉන්දියාවේදී මියගිය බවට තොරතුරු වාර්තා වූ අංගොඩ ලොක්කාගේ මරණය සනාථ කිරීම සඳහා ඔහුගේ මවගේ සහ සොහොයුරියගේ DNA සාම්පල ලබා ගැනීම සඳහා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කලා.
ඒ අනුව කළුතර අධිකරණය විසින් අදාළ DNA සාම්පල සඳහා රුධිර සාම්පල ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අනුමැතිය ලබාදුන්නා.