වර්තමානයේ රට තුළ නීතී ක්ෂේත්‍රයේ මතුව තිබෙන අර්බුධ පිළිබඳව එක්සත් ජාතික
පක්ෂයේ අවධානය යොමුව තිබෙනවා.
ඒ් ජාතික නිතීඥ සංගමයේ
නිලධාරී මණ්ඩලය සහ සාමාජිකයන් පිරිසක් සමග සිරිකොත පක්ෂ
මූලස්ථානයේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්චාවකදී.
මීට අමතරව පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් නීතීඥවරුන් ඉටුකළ කාර්යභාරය සහ ඉදිරි ප්‍රතිසංවිධාන සහ විනය පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය මැදිහත් වීම් පිළිබඳවද දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර තිබෙනවා.
මේ සඳහා නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන , උප නායක අකිල විරාජ් කාරියවසම් , සභාපති වජිර අබේවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන් සහ ජාතික නිතීඥ සංගමය නියෝජනය කරමින් ජනාධිපති නීතිඥ දයා පැල්පොල, ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා සහ ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර ඇතුළු මහත්ම මහත්මීන් රැසක් එක්ව තිබෙනවා.