Header Ads

උණුසුම් පුවත්

නියෝමාල්ට සජිත්ගෙන් තනතුරක්.

හිටපු විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයෙකු වූ නියෝමාල් පෙරේරා මහතා අද (12) විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතින් එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සභිකයෙකු ලෙස පත්වීම් ලබා තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පුත්තලම දිස්ත්‍රික්කයෙන් මුල්වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ නියෝමාල් පෙරේරා මහතා පසුව එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යධූරයටද පත්වුනා.
පසුගිය මැතිවරණයේ දී සමගි ජන බලවේගය සමග එක්වූ ඒ මහතා එහි ජාතික ලයිස්තුවටද ඇතුලත් විය.