අගමැතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙස නිකුත් කරනු ලබන ගැසට්
නිවේදන ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුවේ පාලකවරයා වෙනස් කරන්නේ නම් අගමැතිවරයාට
උඩින් එම පාලකවරයා සිටින්නේදැයි ජාතික
ජනබලවේගය මන්ත්‍රී අනුර කුමාර දිසානායක
මහතා පාර්ලිමේන්තුවේදී විමසා සිටියා
ඒ් 27/2 යටතේ විශේෂ ප්‍රශ්නයක් මතු කරමින්
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා
"පසුගිය පෙබරවාරි 02 දා ආනයන හා අපනයන පාලන පනත යටතේ මුදල් අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයක් නිකුත් කරමින් පෙබරවාරි මාසේ 03 සිට ක්‍රියාත්මක වන පරිදි එතෙක් ආනයනය නතර කර තිබූ ටයිල් ඇතුළු අනෙකුත් සෙරමික් නිෂ්පාදන ආනයනයට ඉඩ ලබා දී තිබූ බව ජනමාධ්‍ය වාර්තා කර තිබුණා.
ගැසට් එක ඔබතුමාගේ අත්සනින් නිකුත් කර තිබුණා.
මෙතෙක් පැවති ටයිල් ඇතුළු අනෙකුත් සෙරමික් නිෂ්පාදන ආනයන තහනම හේතුවෙන් රට තුළ එම නිෂ්පාදන හිඟයක් ඇතිවී තිබූ අතර මිල ගණන් ද ඉහළ ගොස් තිබුණා. මේ තත්ත්වය තුළ කොන්දේසිවලට යටත්ව වුවද ආනයනයට ඉඩ ලැබීම සම්බන්ධව නිවාස හා ගොඩනැගිලි ඉදි කරන්නන්ගේ බලාපොරොත්තුවක් තිබුණා.
කෙසේ වුවද පසුගියදා ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුවේ පාලකවරයා විසින් මහ බැංකු අධිපතිවරයාට පිටපතක් සහිතව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ වාණිජ බැංකු ප්‍රධානීන් අමතා ලියන ලද ලිපියක් මගින් එම ගැසට් නියෝගය අවලංගු කර තිබෙනවා.
ගරු කථානායකතුමනි මෙතන ප්‍රශ්නය ගැසට් එක අවලංගු වී නැහැ.
නමුත් ඒ ගැසට් එක ක්‍රියාත්මක වීම අත්හිටුවා තිබෙනවා."